අදත් 61කට කොරෝනා…

0
7


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් මතු වූ කොවිඩ් – 19 පොකුරට අදාළව අද (18) දින මේ වනවිට තවත් ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 2075 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින මේ වනවිට වාර්තා වූ පිරිසෙන් 13න් දෙනෙකු කිරෝධානය මධ්‍යස්ථානවලට යොමු කර සිටි අයවලුන් බවත් අනෙක් 26 දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීපතමයින් බවත් වාර්තා වේ.

අනෙක් ආසාදිතයින් 22දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින් ය.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 553ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2120ක් දක්වා ඉහළට ගොස් ඇත.

මේ වනවිට කොවිඩ් – 19 ආසාසිත පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here