අලි, බබ්බු, චූටි බලු පැටව්! මෙයාලගෙ කියුට්ම වීඩියෝ 5ක්… ඒත් කොටියෙකුත් ඉන්නව, බලාගෙනයි! – Lakviru Media Network

0
181


 
සමහර වෙලාවල් තියෙනවා හරිම මහන්සියෙන් දවස අවසාන කරන වේලාවල්. බොහෝ වේලාවට එහෙම අවස්ථාවක කිසිම කෙනෙක් එක්ක කථා කරන්නවත් මූඩ් එකක් නැහැ. බැරි වෙලාවත් එහෙම වෙලාවක මොනවා හරි ඇනොයින් වැඩක් උනොත් එහෙනම් සොරිම තමා. ඒ වගේ වෙලාවකට cute video එකක් කියන්නේ මරු මූඩ් ෆික්සර් එකක්. ඒ නිසා අපි හිතුවා අපි කැමති කියුට් වීඩියෝ වලින් කිහිපයක් බලන්න කියලා ඔබටත් යෝජනා කරන්න.

 

1. තාත්තා කරන දේ කරන පුංචි පුතා

මේ ඉන්නේ ඩොමිනික් හන්ගර්. ඔහු ගේ පුංචි පුතා තමයි නිකෝ. ඔවුන් ජීවත් වෙන්නේ චෙක් සමුහාණ්ඩුවේ. පුංචි පුතා තාත්ත කරනදේ ගැන හොඳින් බලාගෙන ඉන්නවා. තාත්තා කරන නැටුම් පුතා අනුකරණය කරන්නේ හරිම සතුටින්. සාමාන්‍යයෙන් පොඩි එවුන් හරිම දඟයි. එහෙම පොඩි බබෙකුට දඟ තාත්තා කෙනෙක් ඉන්නවා කියන්නෙත් හරි ලස්සන එකතුවක් හැදෙන වැඩක්. ගොඩක් වෙළාවට මේ අයගේ වැඩ පටන් ගන්නේ අම්මා ගෙදර නැති වෙලාවල් වල තමා. අපි දන්නා සමහර තාත්තලත් මේ වගේ තමා නේද?

තත්පර 0.29 සිට බලන්න. තාත්තගේ ඩාන්ස් වලට පුතා සතුටු වෙන හැටි.

Baby vs Daddy <3

Posted by Laxer Snaffy on Wednesday, 11 November 2015

 

2. දෙන්නෙක් එකතු උනොත් කරන්න බැරි දෙයක් නැහැ

තොටිලි දෙකේ ඉන්න පොඩි බබාලා දෙදෙනා එකතු වෙලා එක්කෙනෙක්ගේ අතින් වැටුන සෙල්ලම් බඩුව ගන්නට උත්සහ කරන විදිහ හරිම අපූරුයි. ඊට වඩා ලස්සනම දේ මේ දෙන්නා කථා කරන විදිහයි.

විනාඩි 1.39 සිට තමයි ලස්සනම වැඩේ වෙන්නේ.

 

3. කොහෙද මේ අලි බබා එක්ක බැහැ නේ.

ඉඳලා ඉඳලා නිදාගන්න හැදුවා. කෝ ඒකටවත් ඉඩක්! එහා පැත්තෙන්, මෙහා පැත්තට, මෙහා පැත්තෙන්, එහා පැත්තට පනින එකමයි වැඩේ. යනවා යන්න මට නිදහසේ ඉන්න දීලා. ඔයා වටේ ඉන්න මිනිස්සුත් හිනා වෙනවා. යන්නැයි කිව්වේ!

මේ අලි පැටියා අම්මට දෙන වදේ ඉවසගන්න බැරුව අම්මා පැටියව තල්ලු කරන හැටි බලන්න 0.50 දී. අපේ අම්මලත් එහෙමයි නේද? පොඩි තරවටුවක් කෙරුවානේ අපි කරපු දඟ වැඩ වලට?

 

4. නෝන කෝටුවයි දොරේ හිරවුන මමයි

නෝන කෝටුවක් අරන් එන්න කිව්වා. ලිප පත්තු කරන්න වෙන්න ඇති. මම කෝටුවක් අරන් ආවා. එත් කොහෙ අරන් එන්නද? මේ දොරකුත් එක්ක දෙපැත්තම වදිනවා නෙව. ඒ අස්සේ නෝන කැමරාවකුත් අටවාගෙන මං දිහාට, හිනාවෙන හැටි විතරක්! අනේ මේ කෝටුව ගන්නවාකෝ හලෝ!

බලන්න මෙයා 0.09 තත්පරය වෙනකම් කැමරාවට ලැහැස්ති වෙලා ඉන්න විදිය…

 

5. හොඳම යාළුවො

චෙල්සි සහ හන්ටර් කියන්නේ හොඳම යාළුවො දෙන්නෙක්. හැබැයි ඒ දෙන්න එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. චෙල්සිට වයස මාස 4යි. එයා ජර්මන් ශෝර්ට්ටේල් පොයින්ටර් කෙනෙක්. හන්ටර්ට වයස මාස 3යි. එයා පුංචි කොටි පැටියෙක්. බලන්න මේ දෙන්නගේ යාළුකම.

1.23 සිට බලන්නකෝ මේ දෙන්නගේ සෙල්ලම.

 


[ad_2] Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here