ඔබට අනිවා ඵලදායී අපූරුම ලාංකික Facebook Group 5ක් – Lakviru Media Network

0
152


අද කාලේ ගොඩක් අය Facebook එක හරහා එකතුවෙලා ඉන්නේ යාළුවො එක්ක කතා බහ කරන්නට වගේම තමන්ගේ ගමන් බිමන්, එදිනෙදා තොරතුරු ගැන ස්ටේටස්, ෆොටෝ, වෙබ් ලිනක්ස් අප්ඩේට් කරන්න විතරමයි. ඒ අතරේ තමන්ගේ දැනුම සහ විනෝදය සියල්ලම දියුණු වෙන විදියේ Facebook මිතුරු සමුහ කිහිපයක් ගැනයි මේ කියන්නට යන්නේ.

අනිවා කියවනවා වගේම මේ හැම එකකටම ඔබේ කැමැත්ත අනුව එකතු වෙන්නත් අමතක කරන්න එපා.

 

1. පොත් කියවන අය

පොත් කියවන අය

පොත් කියවන අය කියලා කියන්නේ ලංකාව පුරා විසිරිලා ඉන්න පොතපතට සාහිත්‍යයට ආදරය කරන හැමදෙනෙක්ම එකතු වෙලා සිටිය යුතු FB සමුහයක්. ඊට හේතුව වන්නේ ලංකාවතුල කොතැනක හෝ අලුතින් පොතක් පලවනවා නම් ඒ පිළිබඳව මුලින්ම දැනුවත් වන සමුහය වෙන්නේ “පොත් කියවන අය” නිසා. ඒ වගේම ලංකාව පුරාම විසිරිලා සිටින බොහෝ ප්‍රකාශකයින් මේ සමුහය එක්ක එකතුවෙලා සිටින නිසා, ඔබට උවමනා පොත පත විශේෂ මිලගණන් සහ වට්ටම් සහිතව මිලදීගන්නට හැකියාව ලැබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැත් වූ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුලදී “පොත් කියවන අය” සමුහයේ සාමාජිකයෙක් කී පමණින් ඔබ ගන්නා පොත් වලට විශේෂ වට්ටම් පිරිනැමීමට ඇතැම් පොත් ප්‍රකාශන ආයතන කටයුතු යොදා තිබුනා.

ඒ වගේම ඔබට යම් කිසි පොත්හලක හෝ සේවාවක අඩුපාඩු හෝ හොඳ ගැන මෙතන කතිකාවතක් හරි පහසුවෙන් ගොඩ නගන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා, ඒ පැමිණිල්ල හෝ අගයකිරීම අතිශය පොත් පිළිබඳව ම විතරක් විය යුතුමයි.

පොත් කියවන අය

පොත් කියවන අය

URL : https://www.facebook.com/groups/sinhalareaders/

 

2. සිහින නිවහන

සිහින නිවහන

ඔබේ සිහිනය ඔබටම කියා ගෙයක් තනා ගන්නට නම් එය පිළිබඳව ඔබ අන්තර්ජාලය තුල සෙවුම් කරනවා නම් ඔබට ඇති හොඳම විකල්පයක් නම් “සිහින නිවහන” Facebook සමුහයයි. ඉඩමක අත්තිවාරම් කැපීමේ සිට සිවිලිම් ගැසීම් හෝ උළු සේවිලි කිරීම දක්වා වන සියල්ල ගැනම ඔබට මේ සමුහය තුළ අදහස් විමසිය හැකියි. අලුතින් නිවසක සැලසුමක් ඇඳගන්නට, එමෙන්ම ඔබට ඔබේ නිවහනේ අලුතින් එකතුකිරීමක් හෝ ඉවත් කිරීමක් ගැන අදහසක් විමසන්නට උවමනා නම් ඊට හොඳම ස්ථානය මේ “සිහින නිවහන” facebook සමුහයයි.

සිහින නිවහන සිහින නිවහන

URL: https://www.facebook.com/groups/thedreamhome/

 

 

3. Online හෙල්ප්

Online හෙල්ප් ඔබේ ටොරන්ට්, සොෆ්ට්වෙයා එසේත් නැතිනම් හොයාගන්නට අපහසු පරිගණක මෙහෙයුම් පද්ධතියක් ගැන තොරතුරු හෝ ස්ථාපන ගොණු (installation files) ඩවුන්ලෝඩ් කරගන්නට හෝ මිලදී ගන්නට අවශ්‍ය නම් මේ සමුහය තුල ඒ දේවල් පහසුවෙන්ම සොයාගන්නට පුළුවන් වෙයි. ඊට අමතරව ඔබේ පරණ පරිගණකය, ජංගම දුරකථනය විකුණා ගන්නට අලුත් එකක් මිලදී ගන්නවා නම් ඒ මිළ දී ගන්නට සුදුසුම තැන, ඒ ගැන අදහස් විමසන්නට, කෙටියෙන් කියනවා නම් අන්තර්ජාලය තුල තියෙන ඕනෑම දෙයක් ගැන මේ සමුහය තුලින් ඔබට පහසුවෙන්ම තොරතුරු සොයාගන්නට හැකියාවක් තියෙනවා.

ඔබේ ටොරන්ට්, සොෆ්ට්වෙයා එසේත් නැතිනම් හොයාගන්නට අපහසු පරිගණක මෙහෙයුම් පද්ධතියක් ගැන තොරතුරු හෝ ස්ථාපන ගොණු (Installation Files) ඩවුන්ලෝඩ් කරගන්නට හෝ මිලදී ගන්නට අවශ්‍ය නම් මේ සමුහය තුල ඒ දේවල් පහසුවෙන්ම සොයාගන්නට පුළුවන් වෙයි. ඊට අමතරව ඔබේ පරණ පරිගණකය, ජංගම දුරකථනය විකුණා ගන්නට අලුත් එකක් මිලදී ගන්නවා නම් ඒ මිළ දී ගන්නට සුදුසුම තැන, ඒ ගැන අදහස් විමසන්නට, කෙටියෙන් කියනවා නම් අන්තර්ජාලය තුල තියෙන ඕනෑම දෙයක් ගැන මේ සමුහය තුලින් ඔබට පහසුවෙන්ම තොරතුරු සොයාගන්නට හැකියාවක් තියෙනවා.
Online හෙල්ප් Online හෙල්ප්

URL: https://www.facebook.com/groups/onlinehelpz/

 

4. සාර භූමි

සාර භූමි

කෘෂිකර්මාන්තයට කැමති ඔබට ගැලපෙනම Facebook සමූහය වන්නේ සාර භූමි මිතුරු එකතුවයි. කන්න වල අස්වැන්න නෙලන ක්‍රම, වගාවට වැළඳෙන රෝග සහ ඒවායින් වැළකිය යුතු ආකාරය, අත්බෙහෙත්, කෙම්ක්‍රම, නෛතික උපදෙස් සහ රජයේ කෘෂිකාර්මික සේවා සඳහා වන තොරතුරු වැනි විශාල පරාසයක කොටසක් මේ අපුරු සමුහය මගින් ආවරණය කරනවා. ඔබේ මනාපය වවන්නට නම් මේ සමුහය වෙන්වන්නේ ඔබටමයි.

සාර භූමි සාර භූමි

URL: https://www.facebook.com/groups/govikama/

 

5. Hilarious රසකතා

Hilarious රසකතා

Hilarious රසකතා කියන්නේ අප දන්නා සහ අප අහපු අපේම සිංහල විහිලු කතා අන්තර්ජාලය තුල ශෙයා වෙන facebook සමුහයක්. දිනකට අඩුම තරමින් අලුත්ම රස කතා 20ක් වත් කියවා රසවිඳින්නට පුළුවන් මේ සමුහය තුල දිනය පුරා වෙහෙසටපත් වෙලා සිටින ඔබේ වෙහෙස නැති කරන හිතට සතුටක් ගෙන එනවා නිසැකයි.

URL: https://www.facebook.com/groups/hilariousstories/

 

*Car Lover’s Bonus* MINI Lovers of Sri Lanka

MINI Lovers of Sri Lanka

ඔබ පැරණි වාහන වලට ආදරය කරනවා නම්, ඒ ආදරයේ විශේෂිත කොටසක Mini Cooper රථය වැජබෙනවා නම් මේ ඔබට ගැලපෙන හොඳම Facebook group එක බවට අවිවාදිතයි. ලංකාව පුරා විසිරී සිටින Mini Cooper රසිකයින් ඇති විශාල ප්‍රමාණයක් එකතු වී සිටින මේ සමුහය තුල ඔබේ Mini රථයට අවශ්‍ය කරන ඕනෑම වර්ගයේ අමතර උපාංගයක සිට අලුතින්ම රටට ආනයනය කරන Mini රථ වල මිල ගණන් දක්වා ඉතා පහසුවෙන් දැනගත හැකියි. මීට අමතරව ඔබ Mini රථය මිලදී ගන්නට සිතනවා ඒවා යේ මිල ගැන සාමාජිකයින්ගෙන් අදහස් විමසන්නට පුළුවනි. Mini රථයක නියම වටිනාකම සැබවින්ම අගයන අන් අය සමඟද ඔබේ ඉමිහිරි Mini Cooperයෙහි ඡායාරූප පොස්ට් කර එහි අලංකරණය පිලිබඳ නියම අදහස් දනගැන්මටද මෙය කියාපු තැනයි.

MINI Lovers of Sri Lanka MINI Lovers of Sri Lanka

URL: https://www.facebook.com/groups/mightymini/




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here