ගෑණු ළමයත් එක්ක කොටුවක් පනිමුද? එහෙමනම් ඊට කලින් මේ දේවල් ගැනත් හිතන එක හොඳයි!

0
31


කොටු පැනිල්ල කිව්වහම ඉතින් ඕකේ අර්ථ ගොඩක් තියෙනවා නෙව. අහිංසක අපි වගේ ළමයෙක් නං ඉස්සර හිතුවේ කොටු පයිනවා කියන්නේ බිම අර හතරැස් කොටු ඇඳලා බට්ටො පනින එකට කියලා තමයි. හැබැයි ඉතින් ලොකු මහත් වෙනකොටත් කොටු පනිනවා කියන එකට ආසන්න තේරුමක් හරි නොදන්න බබාලා මේක කියවන්න එපා. ඒ අය ගිහින් එක්කෝ බට්ටො පනින්න, නැතිනම් ගස් පනින්න. කොටුවක් පනිනවා කියන එක ගැන බුදු අම්මෝ සංස්කෘතිය වගේ ෆීලින් එකක් නැතුව විචාරශීලීව කියවන්න පුළුවන් අය දිගටම කියවන්න.

 

දැන් සමහරු කියනවා කොටුවක් පනිනවා කියන්නේ ගෑල්ලමයගෙ ගෙදරට ගිහින් සෙක්ස් කරලා එන එක කියලා. සමහරු හිතාගෙන ඉන්නවා කොටුවක් පනිනවා කියන්නේ කොහේ හරි දෙන්නත් එක්ක ජිංකි ජිකා පාරක් දාලා එන එක කියලා. හරි, ඔය කෝක වුනත් විවාහ වෙන්න කලින්, විවාහ වෙලා නැතුව ඉන්න දෙන්නෙක් අතර වෙන ලිංගික සම්බන්ධතාවයක් කියන තැන ඉඳලා අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලමු.

 

1. අපි කොහේද යන්නේ?

 

ඇත්තටම නිදහසේ පෙම් සුව විඳින්න හිතන අයියෙක්ට, නංගියෙක්ට එන ප්‍රධාන ප්‍රශ්නය මේක වෙන්නේ, ඒ දෙන්නගේ වයස් සීමාව, ආර්ථික මට්ටම එහෙම අනුව තමයි. අපි ඇත්ත කතා කරමුකෝ. පෙම් සුව විඳින්න කොහේද යන්නේ කියන ප්‍රශ්නය, සාමාන්‍යයෙන් ස්ථාවර ආර්ථිකයක් තියෙන, වයසින් ටිකක් මුහුකුරා ගියපු කපල් එකකට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ දෙන්නෙක්ට තියෙන ප්‍රශ්නේ කොහේ හරි එහෙම යන්න වෙලාව හොයාගන්න එක. දැන් ඔය ඒ වගේ වයසක තනියම ජීවත් වෙන කෙනෙක්ට නං කෙලින්ම පෙම්වතා හෝ පෙම්වතී ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්! හැබැයි ඔය නාඹර අවදියේ ඉන්න ඩබලකට දැං යං ලෙවල් එකට විසේ තිබ්බට, එහෙම යන්න ටිකක් අමාරුයි. ඒ නිසා එක්කෝ අඩු මිල කාමර හොයනවා. කැම්පස් ළමා ලපටින්ට එහෙම එහෙන් මෙහෙන් හොයාගන්න තැන් තියෙනවා. එහෙම කරන්නම දෙයක් නැත්තං ගල්කිස්සේ ගල්අස්සේ ඉරිදට ගිහිං බලන්න තමයි!

 

හැබැයි ඉතින් අපිට ලංකාවේ හැටියට ඔය දෙවෙනි ඔප්ෂන් වලින් දෙකකටම ඔලුව වනන්න බෑ. අඩු මිල ලොජ් එහෙකට යනවා කියන්නේ ගොඩක් දුරට ඉල්ලගෙන කන්න වෙන වැඩක්. අපිරිසිදුකම, හොරෙන් වීඩියෝ කරන සීන් වගේ එව්වා ඇරෙන්න, ලොජ් එහෙම පොලිසියෙන් රේඩ් කරන්න වුනත් පුළුවන්. 

 

ගල්අස්සේ මූදු වෙරළේ සීන් එකේ තියන අවුල් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පුද්ගලිකත්වයක් නැති වීමේ ඉඳලා, පොලිස් සීන් වල ඉඳලා, කප්පංකාරයෝ දක්වා අනතුරු ඔය සීන් එකට තියෙනවා.

 

2. වයස සහ අනිකුත් ප්‍රශ්න නිරවුල්ද?

අපි මේ ගැන කරපු අනික් ආටිකල් වලත් නැවත නැවත කියන දෙයක් මෙතනදිත් කියනවා. විසේ තිබ්බට කමක් නෑ, මොක කරන්නත් කලින් වයස බලපං! නීතියට අනුව ලිංගිකව හැසිරෙන්න පුළුවන් වයසක දෙන්නෙක් නෙවී නම් හෝ කපල් එකේ එක්කෙනෙක් හෝ බාලවයස්කාරයෙක් නං, දෙන්නටම පොලිසි යන්න වෙන කේස් එකක් තමා. බාලවයස්කාරයාට ගෙදරින් පෝරියල් හම්බුවෙයි, කපල් එකේ වයස පිරුණු එකාට හෝ එකීට නීතියෙන් පෝරියල් හම්බුවෙයි. ආන්න ඒ නිසා වයස බේරුම් කරගන්න එක හොඳා ඔක්කොටම කලින්.

 

දෙවෙනි එක තමයි ඔය හොර කොටු සීන්. ඒ කියන්නේ එක්කෝ බැඳපු කෙනෙක් එක්ක පනින කොට්ටක්, කොල්ලෙක්/කෙල්ලෙක් ඉන්න කෙනෙක් එක්ක පනින කොට්ටක් එහෙම ගැන. මේ වගේ සීන් හරි හෝ වැරදි කියලා අපි කියන්නෙ නෑ. ඒක ජජ් කරන එක අපිට අයිති කාරණාවක් නෙවෙයි. හැබැයි බැරිවෙලාවත් ඕක ගැස්සිලා ප්‍රශ්නයක් වුනොත්, තමන්ට ඒකට මුහුණ දෙන්න පුළුවන් කියන ෆිට් එක හිතේ තියෙන්න ඕන. එහෙම බැරිනං කරුණාකරලා ගෙදරට වෙලා අත්ටැට්ටරයක් පැදගෙන ඉන්න එක හොඳා!

 

3. ගිහින් මොකෝ කරන්නේ?

ගිහිල්ලා ඉතින් මොනව කරන්නද, කාල් මාක්ස්ගේ සමාජවාදය අසාර්ථක වීම, ධනවාදයේ තුන්වෙනි කාර්තුවේදී අපි හැමදෙනාම විකිණීමට ලක් වීම, මහා පිපිරුම් වාදය වගේ දෙයක් ගැන කතාබහ කරන්න පුළුවන්. ඔව්, වෙලාව තිබ්බොත් ඉතින් සෙක්ස් කරන්නත් පුළුවන්!

 

ඇත්තටම කතා කළොත් රූම් යන්නේ සෙක්ස් කරන්නනේ. ආන්න ඒ නිසා ඒකට හොරගල් අහුලලා හරියන්නෙ නෑ. යන්න කලින් දෙන්නත් එක්ක කතා කරගන්න ඕන අපි යන්නේ මොකකටද, ගිහින් කරන්නේ මොනවද වගේ දේවල් ගැන. අපි කලිනුත් කියලා තියෙනවා, සෙක්ස් කරන්න තියෙන වුවමනාවට නං යන්නේ, ‘අනී අපි ගිහින් නිදහසේ සුට්ටක් කතා කර කර ඉම්මු’ වගේ කුක්කු ටෝක් දීලා යන්න හදන්න එපා. කෙලින් කතා කරන්න ගිහින් මොකද කරන්නේ, මොනවද සීමාවල් කියන දේවල් ගැන. අන්න ඒ දේවල් ගැන වැඩිහිටියෝ විදියට සන්නිවේදනය කළාට පස්සේ යන්න ඕන ඊලඟ පියවරට!

 

4. ලෑස්ති පිටද යන්නේ?

ඔව්, දැන් ඔය සෙක්ස් කරනවා කියන්නේ නිකං වර්ගයා බෝ කරන්න බල්ලො පූසෝ වගේ කරන්න යන වැඩක් නෙවෙයිනේ. අපි ශිෂ්ටාචාරයේ ඉන්න තැන අනුව සෙක්ස් කියන්නේ ආට් එකක් බවට පත් වෙලා. හරියට චිත්‍රයක් අඳිනවා වගේ තමයි. දැන් ආටිස්ට් ලඟ පාත තියෙන පැන්සලකින් කටු සටහන ගහලා, පින්සල අතට අරගෙන ඉන් පස්සේ පාට හොයන්න යන්නෙ නෑනේ. පින්සල්, බුරුසු, පාට ඔක්කොම ලං කරගෙන තමයි චිත්‍රෙට අත තියන්නේ. මේකත් අන්න ඒ වගේ. කොන්ඩම් ඕනෙද? ලුබ්‍රිකන්ට්‍ ඕනෙද? කන්න බොන්න දේවල් ඕනෙද? තුවායක් එහෙම ඕනෙද? අඳින්න දෙයක් ඕනෙද? ඔන්න ඔය වගේ වැඩේට අවශ්‍ය කළමනා ඔක්කොම රෙඩි කරගෙන යන තරමට වැඩෙත් ආතල්, අනවශ්‍ය ප්‍රායෝගික ප්‍රශ්න ඒ වෙලාවේ ඇතිවෙන්නෙත් නෑ. 

 

5. ඇදලා ගත්තා, දමලා ගැහුවා සීන්ද?

මේවා නං ඉතින් එක්කෝ ආධුනිකයන්ට වෙන වැඩ, එහෙම නැතිනම් මෝඩයන්ට වෙන වැඩ. දැන් අපි කිව්වනේ හරියට ලැහැස්ති වෙලා, තමන්ට ඕන දේවල් හරියට සන්නිවේදනය කරගෙන වැඩේට සෙට් වෙන්න කියලා. එහෙම කිව්වටත් පස්සේ කතා කර කර ඉන්න ගිහින්, ලිමිට් පැනලා, පැනපු ගමන් කරන්න ඕන ඔක්කොම් කරලා, “අනී මට මොකක් වුනාද කියලා මටම හිතාගන්න බෑ, කොන්‍ට්‍රෝල් නැතිවුනා සුදූ” වගේ ලොන්ත ටෝක්ස් දෙන්න තියාගන්න එපා. ඒහෙම වෙන්නේ සෙක්ස් කරනවා කියන්නේ සෘජු ලිංගික සංසර්ගයට විතරය, එතනින් එහා කරන්න දෙයක් නැතිය කියලා හිතාගෙන ඉන්න ලිංගික අධ්‍යාපනයක් නැති උන්දැලට තමා. ඒකට කියන්නේ ප්‍රජනනය කියලා! සෙක්ස් කියන ආට් එක ඊට වඩා සෑහෙන ඇඩ්වාන්ස්!!

 

6. අපේම අපේම අපේ ලොවක් ද?

මෙන්න මේක ඉතින් අපි උඩින් කියපු කතන්දරේට ආයෙමත් සම්බන්ධයි. දැන් හැම කපල් එකකටම තරු පංතියේ, අඩු තරමින් හොඳ ක්ලාස් එකක හොටෙල් රූම් එකක් ගන්න බෑ තමයි. විශේෂයෙන්ම නාඹර වයසේ කපල් වලට ඔය පැයකට දෙහෙකට තැනකට යනවා මිසක්, රැයක් එහෙම ඉන්න බලාගෙන යන්නත් බෑ තමයි. හැබැයි ඉතින් එහෙම වෙලාව අරගෙන ගිහිල්ලා, දෙන්නත් එක්ක ඇඳට පනිනවට අමතරව දෙන්නත් එක්ක එකට කාලය ගත කරලා, ඔය සොබාව සවුන්දර්යය බලන එක, බයිසිකල් පදිනවා, පීනනවා වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් වල යෙදෙන එක, දෙන්නත් එක්ක හොඳ කෑම වේලක් ගන්න එක, දෙන්නත් එක්ක කයියක් ගහන එක වගේ දේවලුත් තියෙනවා නම්, අර සෙක්ස් කරන එකත් මරු ෆීලින් එකකින් කරන්න පුළුවන්.

 

7. පොටෝ එකක් ඇල්ලුවොත්?

මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. දැන් අපි ගත්තහම පෝලිමට සෑහෙන දෙනෙක්ගේ ෆොටෝස්, වීඩියෝස් එහෙම ලීක් වෙනවනේ. ඒවැයින් ගොඩක් ඒවා හිතලම ෂූට් කරපුවා නෙවෙයි. දෙන්නගේ ආතල් එකට නැතිනම් ගොඩක් වෙලාවට කොල්ලගේ අතල් එකට ෂූට් කරලා, ඊට පස්සේ ලීක් වුණු එව්වා තමයි. හැබැයි අපිට කියන්න බෑ සෙක්ස් කරන ෆොටෝ හෝ වීඩියෝ, නියුඩ් ෆොටෝ හෝ වීඩියෝ ගන්න එපා කියලා. අපිට කියන්න පුළුවන් එකම දේ වෙන්නේ, දෙන්නගේම කැමැත්තෙන් මිසක් ඕක කරන්න එපා කියලා තමයි. එතකොට දෙන්නම ඒකට කැමතිද කියලා හිතන්න කලින් හිතන්න ඕන, බැරිවෙලාවත් ලීක් වුනොත්, ඒක භාරගන්නත් දෙන්නටම පුළුවන්ද කියන එකත්. ඒකත් ඕකේ නං ඕන දෙයක්!

 

 

8. වැඩේ ඉවර වුණාට පස්සේ?

මේ කෑල්ල අපි කියන්නේ කොල්ලට. ගියපු වැඩේ ඉවර වුනාට පස්සේ මොකද කරන්නේ? කරන්නේ තමන් එක්ක ගියපු තමන්ගේ ලිංගික සහකරුට/සහකාරියට, පෙම්වතියට/පෙම්වතාට ගෞරවයෙන් සලකන එක තමයි. වැඩේ ඉවර වුනාට පස්සේ ඕන එකක් කියලා ගෙදර එන්න කලින්, තමන්ගේ පාට්නර් කොහොමද යන්නේ, එයාව ගෙනිහින් දාන්න ඕනෙද වගේ දේවල් ගැන කල්පනා කරන එක, වගකීමක් තියෙන නියම මනුස්සයෙක්ගේ හැටියක්. තමන් ඒ විදියේ නියම පිරිමියෙක්ද කියන එක තමන් කල්පනා කරලා බලන්න ඕන දෙයක්. ඔච්චරයි කතන්දරේ!

 

දැන් පැහැදිලියිනේ වැඩේ. ඇත්තටම අපි මීට කලිනුත් ඔය දේවල් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ නිදහසේ පෙම් කරන්න රූම් එකකට යන කපල් වලට වෙන්න පුළුවන් අකරතැබ්බ ගැන, එහෙම යන්න කලින් හිතලා බලන්න ඕන කරුණු කාරණා ගැන, ඒ ගැන දැනුවත් වෙන්න ඕන දේවල් ගැන එහෙම. ඉතින් මේ හැමදෙයක්ම හොඳින් හිතලා බලලා දෙන්නත් එක්ක මේ වගේ දේකට යනවා නම්, කිසිම ගැටළුවක් නෑ.

 

The post ගෑණු ළමයත් එක්ක කොටුවක් පනිමුද? එහෙමනම් ඊට කලින් මේ දේවල් ගැනත් හිතන එක හොඳයි! appeared first on Lifie.LK.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here