ගෝ ඝාතකයන්ගේ උම්බෑ හඬ ඇසේ

0
18


සත්තුන්ගේ නම්වලින් ගෝත්‍ර, වංශ හඳුන්වන යුගයක් ලොව විය. ඒ අනුව ගවයා අයත් ගෝත්‍රයක්ද විය. ඒ ගෝත්‍රය ගෞතමය. ගෞතමයන් යැයි කී විට උතුම් ගවයා යන අර්ථයද ඇත්තේය. අප අමාමෑණි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලැබුණද ගෞතම නාමය ප්‍රතික්ෂේප කළේ නැත. සිංහයාගෙන් පැවතෙන ගෝත්‍රයකින් යුතු අප, ප්‍රඥාවේ ආලෝකය ලබන්නේ ගොනාගෙන් පැවතෙන වංශයක උත්තමයකුගෙනි.
මේ උතුම් ගවයාගේ සමීපකම කවදත් අපට තිබුණේය. ගවයාගේ උතුම්කම සමගද සමීප වූයේය. අතීත ලේඛනවල දැක්වෙන්නේ පර සතුරන් අපේ ගම්වලට පැන ගම් බිම්, හරකාබාන වැනසූ බවය. වැනසූ වටිනා ගම් බිම් ළඟට හරක බාන යෙදීමෙන් හරක් කොතරම් අපේ ජීවිතයට සැපක් දී ඇත්දැයි දැනේ.

සුද්දා ගෙරි මස් කන බැවින් කවදාවත් විෂ්ණු දෙවොල තිබෙන කන්ද උඩරට යටත් කරගත නොහැකි යැයි සිංහලයා සිතන බව පිළිමතලාවේ ජෝන් ඩොයිලිට කීවේය. 1818 කැරැල්ල ගැසූ කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු උඩරට ඇත්තෝ තම මිනිසුන්ට කීවේ ගෙරිමස් කන සුද්දා එළවන්නට වරෙව් කියාය. සිංහල රාජ්‍ය උදුරා ගැනීමටත් වඩා පිළිකුලක් ගෙරිමස් කෑම ගැන තිබූ බව ඉන් පෙනේ.

සුද්දා කෝපි වවන්නට පටන් ගත් කාලයේ සිංහලයාට තම හරක බාන උලා කෑමට දැමීමට තිබු ඉඩම් යායවල් අහිමි විය. කෝපි වත්තට පැන්න හරකුන්ව සුද්දෝ වෙඩි තබා මැරූහ. 1848 පුරංඅප්පු ප්‍රමුඛව ගැමියන් ගැසූ කැරැල්ලට එක් හේතුවක් වූයේද මේ උලා කන්නට යන හරකුන්ට වෙඩි තබා මරා දැමීමය. බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ – ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාලේ කීවේය. මෙහි ඉංග්‍රීසි හරකා කීවේ හරකුන්ට වෙඩි තියන සුද්දා හරකෙකු නිසා පැන්නීමේ තේරුමෙනි.

වසර දහස් ගණනක් තිස්සේ පැවති හර පද්ධතිය වෙනස් වන්නට පටන් ගත්තේ 1505 පරංගි පැමිණි දා සිටය. පරංගියා මුලින්ම ඉල්ලුවේ යොදුන්, ගව් ගණන්වලින් ඉඩම් මැන නොව ගෙරි හමක් එලන්නට බිම් කඩකි.

ගෙරි හම් කඩක් යනු තනි හරකකුගේ හමක් නොව, හරක් සියයක් මරා ඉන් සිහින් පටි ඉරා එකට ගැට ගසා රවුමට ඇතිරූ විට වට වෙන බිම් ප්‍රමාණයය. සංස්කෘතික ආක්‍රමණය ආරම්භයේදීම හරකෙකු මරා ගන්නා ගෙරි හම් කඩක ඉල්ලීමක් ජාතියට ඉදිරිපත් වීම කෙතරම් උත්ප්‍රාසාත්මක කාරණයක්ද?

ධර්මපාලතුමා ගෙරිමස් නොකව් කීවේ අතීත ජාතියක චාරිත්‍රයක් ගෙනැවිත් ඉන් මේ මහා සංස්කෘතික ආක්‍රමණයට විරෝධය පෑමට විය යුතුය.

සෑම විටම සිංහල බෞද්ධයා සතුන් මරා මස් කෑම පිළිකුල් කළේය. මේ රටේ ඕනෑතරම් කුකුළන්, හරකුන් ආදී සතුන් සිටියත් සිංහලයා ඒ රසවත්, ගුණවත් කෑම අපතේ යවතැයි කීවේය. රොබට් නොක්ස්ට කොහොමත් මේ සතුන් පෙනුණේ කෑම හැටියටය. නමුත් අපේ ඇත්තන්ට උන් රාල කෙනෙකි. නයිදේ කෙනෙකි. බලුරාල, බළල්හාමි, නරි නයිදේ කියා ජනකතාවල කියැවෙන්නේ එහෙයිනි. අනෙක් අතට වැද්දාත්, ගෙදර හදන සතා මරන් කන්නේ නැත.

එබඳු සහජාසයක් තියෙන රටකය අග්‍රාමාත්‍යවරයා හරක් මැරීම තහනම් කළේ.
ඒ සමගම උම්බෑ හඬ නැගෙන්නට විය.

හරකා මරන එක වැරදියි. එහෙනම් හාල්මැස්සෝ, කුකුල්ලු මරන එක හොඳද?
අපේ හරක් මරන එක නරකයි. එතකොට රට හරක් මැරුවට කමක් නෑ. රටින් හරක් මස් ගෙන්නන්න කොපමණ විදේශ විනිමය යනවාද?


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here