තමන්ගේ ආදරවන්තයාට/ආදරවන්තියට තෑගි දෙන්න, හොඳ වර්ගයේ පර්ෆියුම් එකක් මෙතනින් තෝරගන්න

0
23


දැන් ඔය ලව් කරන කාලෙට තෑගි කියන වචනේ ආයෙ ආත්මීයවම තමයි බැඳිලා තියෙන්නේ, හා නැද්ද? තමන්ගේ ලව් එක තමන්ට තෑග්ගක් දෙනකොට හිත උද්දාමයට පත් වෙලා මල් පිපෙනවා වගේම තමයි, තමන් ලව් එකට දෙන්න තෑග්ගක් තෝරනකොටත්, තෑග්ග දෙනකොට ලව් එකේ මූණ දැක්කහම වුණත් ආයෙ මාසයක් නොකා හිටියැහැකි. නියම ලව් එකක් වැඩ කරනකොට එහෙම වෙනවා කියලා තමයි පුරාණේ ඉරිසින්නාන්සෙලා කියලා තියෙන්නේ. හරි, දැන් මේ වැලන්ටයින් මාසෙනේ. ආන්න ඒ නිසා අපි තීරණය කළා තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට තෑග්ගක් දෙන්න හිතන අයට පොඩි උදවුවක් කරන්න. මොකෝ කියන්නේ පර්ෆියුම් එකක්, ඒ කියන්නේ සුවඳ විලවුන් එකක් තෑගි දුන්නොත්? හොඳ වර්ගෙක එකක්?

 

අපි මීට කලිනුත් Lifie.lk එකෙන් කතා කරලා තියෙනවා කෙල්ලෙක්ට කොල්ලෙක්ට හොඳ පර්ෆියුම් එකක් තෝරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඒ වගේම හොඳ පර්ෆියුම් එකක් ගන්න තියෙන කොලිටි තැන් ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් අද කියන්න යන්නේ කොල්ලට හරි කෙල්ලට හරි දෙන්න ගන්න පුළුවන් හොඳ, ලෝකෙම ප්‍රසිද්ධ පර්ෆියුම් වර්ග කීපයක් ගැන. ගණන් පොඩ්ඩක් වැඩි වුනත් කොලිටි තෑග්ගක්නේ!

 

  • සැළකිය යුතුයි – අපි මේ සඳහන් කර තිබෙන ආසන්​න මිල ගණන් පර්ෆියුම් ෂොප්ස් එකින් එකට වෙනස් විය හැකියි!

 

කොල්ලෙක්ට පර්ෆියුම් තෑග්ගක්

 

1. Tom Ford Noir

මේක Spicy සෙන්ට් ෆැමිලි එකේ පර්ෆියුම් එකක්. නවීන පන්නෙට ගැලපෙන කෙනෙක්ට මහාත්මයෙක්ට තමයි ගැලපෙන්නේ. මේක පෙරදිග වයිබ් එකක් තියෙන, සරාගී හැඟීමක් ඇති කරන පර්ෆියුම් එකක් කියන එක වැරදි නෑ. මිල ගණන් බැලුවොත් මේකෙ මිලි ලීටර් 50 බෝතලේ රුපියල් 23,000- 25,000 අතරත්, මිලි ලීටර් 100 බෝතලේ රුපියල් 32,000 – 35,000 අතරත් වගේ මිලක් වෙනවා.

 

2. Dior Sauvage

Woody/Floral සෙන්ට් ෆැමිලි එකේ පර්ෆියුම් එකක් වෙන මේ Dior Sauvage එක හොඳ බැලන්ස් එකක් ඕනම පිරිමියෙක්ට ලබාදෙනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ අර පුරුෂයෙක්ගේ තියෙන රළු ගතියත් එක්කම ගැහැණියකගේ තියෙන ලාලිත ශිෂ්ට ගතියත් හොඳ සමබරතාවයකින් යුතුව මේ පර්ෆියුම් එකෙන් ඉදිරිපත් වෙනවාලු. මේකෙත් මිලි ලීටර් 100 බෝතලයක් රුපියල් 30,000කට අඩුවෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

 

3. Paco Rabanne 1 Million

මේකත් Spicy සෙන්ට් ෆැමිලි එකේ බොහොම ජනප්‍රිය පර්ෆියුම් එකක්. බොට්ල් එක ලොකු ලස්සනක් නැතත් ඒකේ වටිනා පෙනුමක් තියෙන්නේ. විශේෂයෙන්ම මේක Spicy, Wooden සුවඳක් එක්ක, හොඳ පිරිමි කමක් ඉස්මතු කරනවා. මේ පර්ෆියුම් එකත් සාමාන්‍යයෙන් මිලි ලීටර් 100 බෝතලයක් රුපියල් 16,000කට ආසන්න මිලකට මිලදීගන්න පුළුවන්කම තියනවා.

 

4. Issey Miyake L’Eau d’ Issey Pour Homme

මේ නම කියවන්න ගියහම නං පොඩ්ඩක් දිව උළුක් වෙනවා. “ඉස්සේ මියාකේ ලො’දි’ස්සේ පොර් ඔම්මෙ” කියලා තමයිලු මේක හරියටම උච්ඡාරණය කරන්නේ. හරි, මේ සෙන්ට් එකත් Woody Oriental සෙන්ට් ෆැමිලි එකට අයත්. මේකේ තියෙන විශේෂිත සුගන්ධය නිසා, වෙනස් සුවඳකට කැමති පිරිමියෙක්ට මේක හරියටම හරි යයි. මේක මිලි ලීටර් 40, 75, 125 සහ 200 කියන ප්‍රමාණ හතරකින් ගන්න තියෙනවා. මිලි ලීටර් 40 කුඩාම බෝතලයක් රුපියක් 10,000ක් 11,000ක් වගේ මිලක් වෙද්දි මිලි ලීටර් 200 එකක් රුපියක් 23,000කට ආසන්න මුදලකට ගන්න පුළුවන්. 

 

5. Chanel Bleu De Chanel

ෂනෙල් පර්ෆියුම් ගැන අහලා නැති කවුරුවත් ඉන්න විදියක් නැති තරම්නේ. ඒ පර්ෆියුම් ලයින් එකේ එන බ්ලු දෙ ෂනෙල් පර්ෆියුම් එක තමයි මේ. Aromatic-Woody සෙන්ට් ෆැමිලි එකේ හොඳ බැලන්ස් සුවඳක් තියෙන මේ පර්ෆියුම් එක පිරිමියෙක්ට හොඳ ආත්ම විශ්වාසයක් ගෙන දෙන්නට සමත් කියලා තමයි කියන්නේ. මේ පර්ෆියුම් එකෙත් මිලි ලීටර් 100 බෝතලයක් රුපියල් 25,000ක් වගේ මිලකට මිලදීගැනීමේ හැකියාව තියනවා.

 

කෙල්ලෙක්ට පර්ෆියුම් තෑග්ගක්

 

1. Lancôme Idôle

නැවුම් මල් සුවඳකට, විශේෂයෙන්ම රෝස සහ පිච්ච සුවඳට ආස නොකරන්නේ මොන ගෑණු ළමයද? කාන්තා ලාලස්‍යයට හොඳින්ම ගැලපෙන විදියට නිර්මාණය කරලා තියෙන මේ පර්ෆියුම් එක කෙලින්ම සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ තමයිලු දැනෙන්නේ. මේ පර්ෆියුම් එකේ මිලිලීටර් 50ක් රුපියල් 21,000ක් වගේ තරමක් ඉහ​ළ මිලක් වෙනවා. මිලි ලීටර් 100 බොට්ල් එකක් රුපියල් 30,000ක් වගේ මිලක් වෙනවා.

 

2. Ariana Grande Cloud

අරියානා ග්‍රන්දේ කියන්නෙ කවුද කියලා ඔය ඉන්ස්ටග්‍රෑම් වල ස්ටාර්ස්ලව ෆලෝ කරන ගෑණු ළමයි නම් දන්නවා ඇති. ඉන්ස්ටා එකේ වැඩියෙන්ම මිනිස්සු ෆලෝ කරන තාරකාව බවටත් පත් වුණු අරියානා ඇමරිකානු ගායිකාවක්. මේ ඇගේ නමින් තියෙන පර්ෆියුම් එකත් බොහොම ජනප්‍රිය වුණා. සියුම් මල් සහ පළතුරු මිශ්‍ර සුගන්ධයක් තියෙන මේ පර්ෆියුම් එක උදේ වුණත්, හවස වුණත් එක වගේ ගල්වන්න ගැලපෙනවා. 

ප්‍රමාණ තුනකින් එන මේ පර්ෆියුම් එකේ මිලිලීටර් 30 එකක් රුපියල් 7,000කට වගේත්, මිලි ලීටර් 50ක් රුපියල් 10,000කට වගේත්, මිලි ලීටර් 100ක එකක් රුපියල් 12,000ක් ව​ගේ මුදලකටත් මිලදී ගන්න පුළුවන්.

 

3. Dune By Christian Dior

ස්ත්‍රී ලාලිත්‍යයට ගැලපෙන විදියේ උණුසුම් මල් සුවඳක් ගෙන එන මේ පර්ෆියුම් එකේ පෙරදිගමය ගතියක් එක්ක පිඕනි, ලිලී, මැන්ඩරීන් ඔරේන්ජ් සුවඳ මුසුවෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. රුපියල් 25,000කට ආසන්න මිලකට මේකේ මිලි ලීටර 100 බෝතලයක් මිලදී ගන්න හැකියාව ති​බෙනවා..

 

4. Dolce & Gabbana Light Blue

ඩොල්චේ ඇන්ඩ් ගබානා කියන්නෙත් පර්ෆියුම් ලෝකේ බොහොම ජනප්‍රිය ඉතාලියානු ක්ලැසික් නමක්. ඉතාලි ක්‍රමේට කිව්වොත් ඩොල්චෙ එ ගබ්බානා. මේ අයගේ ලයිට් බ්ලූ කියන පර්ෆියුම් එක, සැහැල්ලු නැවුම් සුවඳකට කැමති කාන්තාවකගේ ප්‍රියතම එකක් වෙනවාට සැකයක් නෑ. මේ පර්ෆියුම් එ​කේ මිලි ලීටර් 50 බෝතලයක් රුපියල් 16,000 කට ආසන්න මුදලකටත් මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 22,000ක වගේ මුදලකටත් මිලදී ගන්න පුළුවන්.

 

5. Yves Saint Laurent Black Opium

ඊව් සං ලොරෝං බ්ලැක් ඕපියම් කියලා තමයි සාමාන්‍යයෙන් මේ නම කියන්නේ. දැන් බ්ලැක් ඕපියම් කියන නමෙනුයි, මේ බොට්ල් එකේ විදියෙනුයි අපිට සාමාන්‍යයෙන් කාන්තා පර්ෆියුම් එකක තියෙන සුකොමල ගතිය වෙනුවට පොඩි ඩේන්ජරස් ගතියක් දැනෙනවා. ඇත්තටම මේක ස්මූත්, හැබැයි පොඩ්ඩක් ඩේන්ජරස් ගතියකුත් එන හවසකට ගැලපෙන සෙක්සි පර්ෆියුම් එකක්. කෝපි, වැනිලා සහ පියර් සුවඳ මුසු වෙලා එන අපූරු සුවඳක් මේකේ තියෙනවා කියලා තමයි කියන්නේ. මේ පර්ෆියුම් එක මිලි ලීටර් 30, 50, 90 සහ 150 කියන ප්‍රමාණ 4කින් එනවා. මිලි ලීටර් 50 බෝතලයක් රුපියල් 20,000ක වගේ මිලක් වෙද්දී මිලි ලීටර් 150 රුපියල් 40,000කට ආසන්න මිලක් වෙනවා.

 

The post තමන්ගේ ආදරවන්තයාට/ආදරවන්තියට තෑගි දෙන්න, හොඳ වර්ගයේ පර්ෆියුම් එකක් මෙතනින් තෝරගන්න appeared first on Lifie.LK.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here