බ්‍රැන්ඩික්ස් සුපර්වයිසර්වරිය ඇත්ත කතාව හෙළි කරයි

0
18


රට පුරා යළිදු වරක් කොරෝනා පැතිරෙන විට බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කළේ එක් අයකුටය. ඇය මිනුවන්ගොඩ දෙවළපොළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ සුපර්වයිසර්වරියකි. සියල්ලෝම ඇගේ චරිත ඝාතනය කරමින් ඇයට ගල් ගැහුවේ ඇය බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මුල්ම රෝගියා ඇය බව කියමිනි. එහෙත් සෞඛ්‍ය අංශ කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඇයට පෙර ඇඟලුම් කම්හලේ බොහෝ පිරිසකට කොරෝනා වැලඳී තිබූ බවය. නමුත් ඔවුන්ට කොරෝනා තිබෙන බව මුලින් හෙළි වූයේ නැත. එය අනාවරණය වූයේ මෙම කාන්තාවට කොරෝනා ඇති බව ගම්පහ රෝහලේදී අහම්බෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසුවය. කෙසේ නමුදු මේ සිද්ධියේදී මේ කාන්තාවට වී ඇත්තේ බලවත් අසාධාරණයකි. එබැවින් සති අග අරුණ අයි.ඩී.එච්. උණ ​රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇයගේ හඬට ඉඩ දුන්නෙමු.

කොහොමද දැන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය?

මට දැන් සුවයක් තියනවා. කොරෝනා හැදුණු කාලයේ නම් මට අධික පපුවේ අමාරුවක් තිබ්බා. හුස්ම ගන්නත් බැරුව තමා හිටියේ. එත් දැන් යම්කිසි සුවයක් තියෙනවා. ඒ වගේම දැන් හොඳට හුස්ම ගන්නත් පුළුවන්.

පසුගිය දවස්වල ඔබ ගැන නිතරම සමාජ මාධ්‍යවල මුළු රටේම කතාබහට ලක් වුණා නේද විශේෂයෙන්ම?

ඔව්, මගේ ගැන ගොඩක් දෙනෙක් කතා වුණා නෙවෙයි ගොඩක් අය මං ගැන කතා හැඳුවා. ඔවුන් පුළුවන් තරම් මට මඩගැහුවා. මගේ චරිතේ හොඳ නෑ, මට වෙන වෙන සම්බන්ධතා තියෙනවා කිව්වා. මට අන්න ඒ නිසයි කොරෝනා හැදුනේ කියලත් කිවුවා. ඒ විතරක් නෙවෙයි මම සත්‍ය වසංකරනවා කියලත් කියලා තිබුණා. මේ වගේ නොයෙක් ජාතියේ කතා හදලා මාවයි මගේ පවුලේ අයවයි අපහසුතාවට පත්කරලයි තිබුණේ.

ඔබ සත්‍ය වසං කළේම නැද්ද?

නැහැ, මම දන්න හැම දෙයක්ම පොලිසියටයි, පී.එච්.අයි. මහත්වරුන්ටයි, ගම්පහ ඉස්පිරිතාලේ දොස්තර මහත්වරුන්ටයි කිව්වා. මම කිසිම දෙයක් කිසිම කෙනෙක්ට හැංගුවේ නැහැ.

එහෙනම්, ඇත්තටම එදා මොකද වුණේ?

මම වෙනදා වගේම සැප්තැම්බර් විසි අටවැනිදත් සුපුරුපු විදිහටම වැඩට ගියා. එත්, පොඩ්ඩක් ඔළුවේ වේදනාවකුයි, උණ ගතියකුයි තිබුණා. මම මගේ මහත්තයාට කිවුවා අද නම් ටිකක් අමාරුයි වගේ ඒ නිසා ටිකක් වේලපහ ගෙදර එන්නම් කියලා. එත් ෆැක්ටරියේ අපේ අංශය භාරව හිටපු මහත්තයගෙන් මම ඇහුවා ‘මට ටිකක් අසනීපයි වගේ ඒ නිසා ටිකක් වේලපහ ගෙදර යන්නද?’ කියලා. එයා කිව්වා, ‘ඔක්තෝම්බර් දාහතර වැනිදා වෙනකොට ඇණවුමක් බාරදෙන්න තියනවා’ ඒ නිසා වේදනා නාශකයක් බීලා වැඩ කරන්න කියලා. මම කොච්චර කිව්වත් එයාලා මට නිවාඩු දුන්නේ නැහැ.
පහුවෙනිදත් මගේ සියලුම අමාරුකම් තියාගෙන මම වැඩට ගියා. අන්තිමට පපුවේ අමාරුවක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ක්ලාන්තේ දාලා වැටුණා.

ඊට පස්සේ?


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here