බෝධිසත්වයන් උපන් ගමේ රුපියල් අසුපන් ලක්ෂයට ගිය හරක් මස් කඩේ

0
15


බලන්ගොඩ හරක් මස් කඩය ලක්ෂ 85 කට වෙන්දේසි වී ඇති බව වාර්තා වූයේ පසුගිය 27 වැනි අඟහරුවාදාය. ගව මස් කඩය වෙන්දේසි වී ඇති මුදල හරියටම කිවහොත් රුපියල් 85,99,900 කි. තව රුපියල් සියයක් දැම්මා නම් හරක් මස් කඩේ වෙන්දේසි වී ඇත්තේ ලක්ෂ අසූහයකටය. ඒ කියන්නේ හරක්මස් කඩේ කෝටියකට වෙන්දේසි වීමට තව මදි වුණේ ලක්ෂ දාහතරක් පමණි. මේ ගවමස් කඩය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ පිරිස 12 දෙනෙකි. 2021 ට ලක්ෂ 85 කට මෙම හරක්මස් කඩය අලෙවි වුවද 2020 වසරේදී එය වෙන්දේසි වී ඇත්තේ රුපියල් ලක්ෂ 19 කටය. මෙවර වෙන්දේසි මිලත් පසුගිය වසරේ මිලත් අතර ඇති පරතරය අදහාගත නොහැකි එකකි. එය ලක්ෂ වලින්ම කිව්වොත් ලක්ෂ 66 කි.

බලන්ගොඩ කිව්වාම අප මතකයට එන චරිත තුනක් ඇත. මුලින්ම බලන්ගොඩ මානවයාය. ඉන්පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ය. ඊටත් පසු ජනකාන්ත චිත්‍රකතා සිත්තරකු වූ බලන්ගොඩ සරත් මධුය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමියන් ජීවතුන් අතර සිටියදී දේශනා කරන ලද්දේ තම ජීවිතයේ අවසන් අරමුණ ‘මතු බුදුවීම’ බවය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අසූව දශකයේ ‘‘පිළිසඳර’’ නමින් වැඩසටහනක් නිෂ්පාදනය ක​ළේ චන්ද්‍රසෝම විතානගේය. එම වැඩසටහන මෙහෙයවන ලද්දේ ගුණදාස ලියනගේ විසිනි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් තම ජීවන තොරතුරු සඳහන් කරමින් වැඩසටහන අවසානයේ ප්‍රකාශ කළේ තමන් වහන්සේගේ ජීවිතයේ අවසන් අරමුණ වන්නේ මෛත්‍රී බුදුහිමියන් වීම බවය.

බලන්ගොඩ හරක්මස් කඩේ ලක්ෂ 85 කට වෙන්දේසි වීමේ සුවිශේෂත්වය වන්නේ මතු බුදුවන බුදු කෙනකු උපන් භූමියක හරක් මස් කඩයක් කෝටියකට ආසන්න මුදලකට වෙන්දේසි වීමය. ප්‍රේමකීර්ති ද අල්විස් ගව ඝාතනය ගැන ලියා ඇති ජනප්‍රිය ගීයක කොටසක් මෙසේ ය.

ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැදි ගැල් නැග පන්සල් යන්නේ
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

මේ ගීතය රසවත්ම කොටස එය නොවේ. මේ ගීතය ලියූ ප්‍රේමකීර්ති ද අල්විස් මෙම ගීතය රචනාකොට ඇතැයි කියන්නේද ‘ඩෙවල් බීෆ්’ එකක් සමග අරක්කු බෝතලයකින්ද සප්පායම් වෙමිනි. රත්නපුර ප්‍රදේශයේ කලකට ඉහත ජීවත් වූ විරිදු කැසට් ශිල්පියකු රටපුරා ගියේ ගවමස් කෑමේ ආදීනව ගැන විරිදු කැසට් විකුණන්නටය. ඒත් ඉතිං අන්තිමට රාත්‍රියට රත්නපුර බාර් එකට යන ඔහුගේ ප්‍රියතම බයිට් එක වූයේ ‘ෆ්‍රයිඩ් බීප්’ය.

හරක් මස් බිස්නස් එකත් එක්ක බද්ධ වූ පර්යාය වචනයක් නම් ‘හොර හරක් බිස්නස්’ එකය. දැන් හරක් මස් කිලෝවක මිල රුපියල් දහසකට අධිකය. ආනයනික හරක් මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 2500 ත්, 3500 ත් අතර මිලකටය. අපට මේ බලන්ගොඩ හරක් මස් කඩය ලක්ෂ 85 ට වෙන්දේසි වීම විමතියට කරුණක් වුවත් හොර හරක් බිස්නස් කාරයකුට මේ ගාන පියවා ගැනීමට හොර හරක් 50 ක් ඉස්සීම හොඳටම ප්‍රමාණවත්ය. ඒ හැම හරකෙක්ම කිලෝ 100 කට වැඩි නිසාය. ලක්ෂ 85 කට හරක් මස් කඩයක් වෙන්දේසියකින් මිලදී ගැනීම ‘ගොන් වැඩක්’ නොවන්නේ ඒ නිසාය.

අනගාරික ධර්මපාලතුමාගෙන් පසු මෙරට ගවමස් කෑම තුරන් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ‘දොලුකන්දෙ’ හිමියන්ටය. උන්වහන්සේගේ ප්‍රාතිහාර්යය ගැන මොන මතිමතාන්තර තිබුණත් ‘බුදුගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි’ කියමින් ගමින් ගම ගොස් බණ කීම නිසා මෙරට ජනතාව ගවමස් විරෝධීන් කිරීමට උන්වහන්සේ සමත් වූ බව නොකියා බැරිය.

පසුගිය සැප්තැම්බර් 8 වැනි දා අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ ලංකාවේ හරක් මැරීම තහනම් කිරීමටය. ඒත් ටික දිනක් ගතවන විට කැබිනට් තීරණය පල්ලම් බැස ගියේය. කොටින්ම කිවහොත් සැප්තැම්බර් 9 වැනිදා ලංකාවේ සමහර හරක්මස් කඩ ඇරියේ නැත්තේ ලංකාවේ හරක්මස් තහනම් කළ බව සිතාය. ඒත් ඉතිං ටිකක් දවල්වන විට වසා දමා තිබූ හරක්මස් කඩත් විවෘත වූයේ ආගම සිහිකර තඩි හඳුන්කූරු පොකුරක් ගැසීමෙන් පසුවය. ඒත් ඉතිං අද වනතුරුත් ගවමස් තහනමක් ගැන වගේ වගක් නැත. අන්තිමට ෆේස්බුකියේ පළ වූයේ වසු පැටියකුගේ රුවක් සහිතව මෙවැනි වැකියකි.

‘‘මරන්න තහනම් කරනවා කියලා අපිවත්
රැවැට්ටුවේ ඇයි අගමැති මාමේ’’ යනුවෙනි

මීට දෙවසරකට පෙර එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගවමස් තහනම් කරන බවට සිංහ නාදයක් කළ බව අද කාටත් අමතකය. එතුමා කළ ප්‍රකාශය 2017 ඔක්තෝබර් 27 වැනිදා පළ වූයේ මෙසේය.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here