1. රන් හා සමාන කාලය

Source – utbgeek.com
අතනට යමු, එතනින් මෙතනට එමු, ඊට වඩා ගාන අඩු නිසා මේක ගමු, ගාන අඩු වුනාට අරකෙ තමයි බ්රෑන්ඩ් එක හොඳ, මිසිස් ගුණසේකරලගෙ ගෙදරට ගන්නෙත් මේව නිසා එක්කො මේවම ගමුද? කිය කිය එහාටයි මෙහාටයි යනවට ලිස්ට් එකක් බලාගෙන ඩහ් ඩහ් ගාලා බඩු අරං එන එක ලේසි නැද්ද?
2. පෙට්රල්

මෙතනට වඩා ගනං අඩු නිසා ගෙවල් ගාවින් බඩු නොගෙන බස් හෝල්ට් තුනක දුරින් බඩු අරං එන එක නිකරුනේ තෙල් වියදමක්. ඒ පෙට්රල්වලට ගිය සල්ලි අන්තිමට අර ලාභයට වඩා වියඳමක් ඇති කරන්න පුළුවන්.
3. සල්ලි

යන්නෙ නං සතියෙ කෑමට එළවලු පොල් ටික ගේන්න. ඒත් එද්දි කේක් ජාති තුනක් හදන්න බඩු, අඩුවට තිබ්බ නිසා පුටු දෙකක්, රට යන්න චාන්ස් එකක් හම්බෙන රැෆල් එකකට සෙට් වෙන නිසා ඩිෂ් වොෂ් 5ක්, පාට පහකින් භාජන නොමිලේ අරගන්න මිල්ක්මේඩ් ටින් පහක් ගත්තම කොච්චරක් නං වියඳන්ද?
4. කැපී පෙනෙනු පිණිස

හැම පිරිමියම ගෙදරට බඩු ගේන්න යන්නෙ නැහැ. ගෑනු ගෙදරට බඩු ගේන පිරිමින්ට කැමතියි. ඕක පොයින්ට් එකක් කරගන්න. ඔෆිස් එකේ කෙල්ලො අතරෙ කැපී පේන්න. යාළුවොන්ගෙ බිරින්දෑවරු අතරෙ කැපී පේන්න මේ වැඩේ මරු. ඕනනං යාළුවෙකුට එයාගෙ වයිෆ්ට කියලා බන්නවන්නත් මේ වැඩේ පාවිච්චි කරන්නත් පුළුවන්.
5. ගෙදර ඉඩ

දැන් ඔය ගේන වැඩිපුර ජාති දාන්න ඉඩ මුළුතැන්ගෙයි තියෙනවද? නැත්තං ඉතිං ඒකට ඉඩ ගන්න වෙන්නෙත් මොකක් හරි මේසයක් උඩින් තමයි. ඊට පස්සෙ ගෙදර සිස්ටම් එකම පැටලෙනවා.
6. ගුල්ලො ගහලා

අන්තිමට ගෙනල්ල තියෙන බඩු වැඩි නිසා පාවිච්චි කරන්න කල් ගිහිං. එක්කො දාපු තැන අමතක වෙලා. අන්තිමටම පිටිවලට ගුල්ලො ගහල, මිල්ක් මේඩ් නරක් වෙලා තියෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.
7. ඇහැක් ගහන්න

“නංගි බෝංචි හොඳයිද නැද්ද කියල බලන්නෙ කොහොමද?” “අක්කා පොල් තියෙන්නෙ කොහේද?” වගේ පොඩි ඇස් ලයින් එකකුත් කරකවාගන්න බඩු ගේන පිරිම්න්ට පුළුවන්. කොහොමත් ගෑනු ගෙදරට බඩු ගේන පිරිමි දිහා විශේෂ අවධානෙකින් බලනවනෙ.
8. පස්සට වාසියි

විවාහක බිරිඳක් කියන්නෙ අනිවා කණුකුණු ගාන කෙනෙක්නෙ. අරක හරි නැහැ. මේකට වඩා ඒක හොඳයි. අරෙහෙනං එහෙමයි වගේ කතාන්දර එගොලොන්ට පොදුයි. ඒව වහන්න පොයින්ට් එකක් විදියට ඔබ ගෙදරට එළවළු ගේන එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද හැම පිරිමියම ඕක කරන්නෙ නැහැනෙ.
Cover Image Source – happy.fm
Lakviru Media Network