හරි. ලීසිං පිළිබඳ අපේ පලවෙනි ලිපියෙන් දැනගත්තනේ කල්බදු සමාගම් අපෙන් සොයන්නේ මොනවාද? කියල. කතාවෙ ඉතිරි ටිකට දැන් පනිමුද?
1. අපෙන් අවශ්‍ය වෙන හෑලි ටික
අයදුම් කරන්නාගේ ණය තොරතුරු කාර්යාංශ වාර්තාව

ඔහු මෙයට කලින් වතාවක ණය ගෙවීම පැහැර හැරලා තියෙනවද කියන කාරනාව බලන්නටයි. එසේ ගෙවීම පහර හැරලා තියෙනවා නම් එතැනදී කල්බදු සමගම තීරණය කරනවා මේ පුද්ගලයාට ණය දෙනවාද නැතිද කියලා.
අයදුම් කරන්නාගේ ආදායම් වාර්තාවක්

ජොබ් එකක් කරන කෙනෙක් නම් සාමාන්යෙන් අන්තිම මාස තුනේ පඩි වාර්තාවක්, ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබේ ජංගම ගිණුමේ ඉතිරිය, ව්‍යාපාරය ලියාපදිංචි කිරීම බොහොම වටිනවා. ඒ වගේම එලෙස පඩිය තැන්පත් කරන බැංකු ගිණුමේ භාවිතය, ඉතුරු වෙනවාද, ලැබෙන මුදල මාසේ අන්තිමට සතයක්වත් ඉතුරු නැතිද යන්න. ගිණුමක් තියෙනවද මේ කාරනා තමා එයට අයත් වෙන්නේ.
ඊට අමතරව තිබෙන ආදායම්

ව්‍යාපාර සහ රැකියා වලට අමතරව ඔබට තියෙනවා නම් කුලියට දුන්නු නිවාස, වාහන, ඉඩම් වගේ දේවල්, ඒවත් මෙතැනදී සලකා බලනවා අතිරේක ආදායම් හැටියට.
ඇපකරුවෝ දෙදෙනෙක්

ණය නැති, විශ්වාසී වුන ඇපකරුවෝ දෙදෙනෙක් මෙතැනදී ඔබත් සමග කල්බදු ගිවිසුම අත්සන් කිරීම සාමාන්‍ය නිතිය වෙනවා.
පදිංචිය?

ඔව් ඒකත් වැදගත් සාධකයක් තමා, එතැනදී ඔබේ නිවසේ ජලබිල්පතක් හෝ විදුලි බිල්පතක් සහ ග්‍රාමසේවක සහතිකයක් උවමනා කරනවා. මේවා සියල්ලම ඔබේ නමට තියෙන්නට ඕනේ කියලා ආපහු කියන්නට අවශ්‍ය නැහැ නේද? ☺
2. ඉල්ලපු ගාන ම ලැබෙයිද?

ඉස්සර එහෙම ලැබුනා, මුළු මුදලින් 90% හෝ 100% දක්වා ණය මුදලක් ලැබුනත් වර්තමාන ආණ්ඩුව ගෙන අණපනත් නිසා දැන් කල්බදු සමාගමක් සපයන්නේ වාහනයේ මුළු වටිනාකමින් 70% පමණයි. ඉතුරු 30 අපෙන් තමා. මේ ගැන හොයත් දී අපට තවත් දෙයක් හමුවුනා, ඒ තමයි 2015 අයවැය සංශෝධනයෙන් වාහන වලට යලිත් 90% දක්වා කල්බදු පහසුකම් දෙන බවයි. එහෙත් අපි සමාගම් කිහිපයකින් අසා බැලුවාම කියුවේ ඉහත කියපු 70% නිතිය තවමත් ක්‍රියාත්මක වෙන බව. මේ නිසා පොඩ්ඩක් ඒ ගැන සොයා බලා කටයුතු කරන එක අපේ අනිවා යාලුවන්ට මතක් කර දෙන්න ඕනේ.
3. කවදා වගේ වාහනේ අපේ අතට ලැබෙයිද?

ඒක තීරණය වෙන්නේ වාහනේ ලංකාවට ගෙන්වන ඒජන්තවරයා සහ කල්බදු සමාගම අතරයි. ඉහත කියපු ලිපිගොනු සියල්ලම නියමාකාරයෙන් ලැබුනොත් වැඩකරන දින 2-3ත් අතර ඔබට ඔබේ සිහින වාහනය සඳහා කල්බදු පහසුකම ලබාගන්නට පුළුවන්.
4. අතට වාහනේ ලැබුනට එකේ අයිතිය කාටද?

කිසිදු අවස්තාවක වාහනයේ අයිතිය පුර්ණව කල්බදු සමාගමට හිමිවෙන්නේ නැහැ. එහිදී අයිතිය හිමිවෙන්නේ, වාහනය ඉල්ලුම් කරපු අයට, එහෙත් පරම අයිතිය හිමිවන්නේ සමාගමට. ඒ කියන්නේ වාහනයේ පොත අපිට ලබාදෙන්නේ නැහැ.
අතිරේක කතන්දර
මේවා මොන ආකාරයට සිදු වුනත් වර්තමානයේ වාහනයක් ගන්නකොට කල්පනා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒවා මෙතන ලිස්ට් කරලා තියෙනවා ඔබට දැනගන්න පහසුවෙන්න. කියවලාම බලන්නකෝ.
*මෙහි අන්තර්ගත කරුණු මුල්‍යමය උපදෙස් නොවේ. බදු ගිවිසුමකට ඇතුළු වීමට පෙර නියමාකාරව ඊට අදාළ නීතිමය හා මුල්‍යමය කරුණු ගැන දැනුවත් වී ක්‍රියා කරන්න.*
Lakviru Media Network