වාහන අංක තහඩු තැපෑලෙන් නිවසට

0
23


රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. වාහනවල පැරණි අංක තහඩු මින් ඉදිරියට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

පළාත් දෙකක් අතර වාහනයක් විකිණීමේදී අංක තහඩු වෙනස් කළ යුතු බවට වන නීතිය ඉවත් කර නව ක‍්‍රමවේදයක් සකස් කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මෙම අදහස් පළ කළා.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here