සුරතලෙක් හදා වඩා ගැනීමට පෙර ඔබ කල්පනා කල යුතුම හොඳ-නරක – Lakviru Media Network

0
162


 


කතාව කියන්න කලින්
Source - healthypets.mercola.com
Source – healthypets.mercola.com

සතෙක්ව සුරතලයට හදාගන්නට ඔබ සිතාගෙන සිටිනවා නම් ඒක ඔබේ ජීවිතයට අපූරු අත්දැකීමක් එක් කරාවි. අසරණ සතෙකුව පවුලේ සුරතලා කරගෙන සරණක් වන්න හැකි උනොත් මේ අත්දැකීම තවත් සුන්දර දෙයක් වේවි. තවත් මේ ගැන කියනවා නම් ඔබට පුළුවන් ඔබ සුරතලයට ඇති කරන්නට ගන්නා බලු පැටවා හෝ පූස් පැටවා සත්ව අනාථාගාරයක් තුලින් හදාගන්නට ගන්නට. එසේත් නැතිනම් නියමිත පරිදි ප්‍රතිකාර කිරීමෙන් යුතුව විදී සුනඛයෙකුට සරණක් වන්නට.

 

කොහෙද එවැනි තැන් තියෙන්නේ?
Source - embarkpassion.com, adogsworld.com.au, rayofhopesrilanka.com, ivyvillacompany.com, supportsrilankafoundation.org, embarkpassion.com
Source – embarkpassion.com, adogsworld.com.au, rayofhopesrilanka.com, ivyvillacompany.com, supportsrilankafoundation.org, embarkpassion.com

වර්තමානයේ බොහොම ප්‍රසිද්ධ Embark ආයතනය සත්ව සායන  ලංකාව පුරාම පවත්වනවා, ඒ වගේම Animal SOS ආයතනය, Ray of Hope Sri lanka, Cat Protection Trust සහ AWPASL ආයතනය, ලංකාව තුල මෙම සේවාවන් කරන ආයතන වලින් කිහිපයක්.


 

 

හැබැයි සුරතල් සුනඛයෙක්ට හෝ බළලෙක්ට ආස උන පළියට ඒ සතාව හදාගන්න ගන්න කලින් ඔබ අවධානය යොමු කල යුතු කරුණු කීපයක්ම තියනවා. මේ දේවල් ගැන නොසිතා ඔබ නිවසට සුරතලෙක් එකතු කරගැනීමෙන් ඔබටත් ඒ සතාටත් දෙදෙනාටම දුක් විඳින්නට සිද්ද වෙන්න ඉඩ තියනවා.

 

සුරතල් සතෙක් හදාවඩා ගැනීමේ ෆුල් ආතල්

 

1. ආරක්ෂාව
Source - dogsaholic.com
Source – dogsaholic.com

සුරතල් සතෙක්, විශේෂයෙන්ම සුරතල් සුනඛයෙක් ඔබ අසල සිටින අවස්ථාවක ඔබට හෝ ඔබ අවට යම් අනතුරක් වෙනවා නම් බොහොම ඉක්මනින් ඔවුන්ට එය දැනෙනවා සහ ඔවුන් ඒ බව ඔවුන්ට සන්නිවේදනය කරන්නට පහසුම විදියෙන් පල කර සිටිනවා. ඒ වගේම තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරගන්නට දෙවරක් නොසිතා ම ඉදිරිපත් වෙනවා.

 

2. ආදරය
Source - guardianlv.com
Source – guardianlv.com

වෙන කවුරුත් නොදක්වන තරම් විශාල ආදරයක් ඔවුන් ඔබ වෙත කිසිම කෙනෙකුට නොදෙවෙනි ආකාරයෙන් ලබාදෙන්නට ඔවුන් දන්නවා. කුමන අවස්ථාවකවත් ඔබට හානියක් වෙන දෙයක් කරන්නට ඔවුන් පෙලබෙන්නේ නැහැ. සුරතල් සුනඛයෙක් කියන්නෙ ඔබට ලබාගත හැකි විශ්වාසවන්තම සගයෙක්.

 

3. ඔබට සහය වන්නට පුහුණු කරගත හැකියි
Source - youtube.com
Source – youtube.com

ඔබට යම් අපහසුතාවක් හෝ ආබාධයක් තිබෙනවා නම් කිසිදු අවහිරයකින් තොරව ඔබේ සුරතලාව එවන් අවස්තාවලදී ඔබට සහයක් වන්නට පුරුදු පුහුණු කරව ගන්නට හැකියාව තියෙනවා.

 

4. මානසික සෞඛ්‍යට බොහොම රුකුලක්
Source - bluecross.org.uk
Source – bluecross.org.uk

සුරතලෙක් එක්ක කල් ගත කරන එක ඔබේ ආතතිය අඩු කරන්න ඉවහල් වෙන දෙයක්. ගැටළු සහගත අවස්තාවක සුරතල් සුනඛයෙක් කියන්නේ ඔබේ ආතතිය වලක්වාගන්නට තිබෙන හොඳම ක්‍රමවේදයක්. සුරතල් සුනඛයෙක් හෝ බළලෙක් එක්ක කල් ගත කිරීමේදී අපේ ආතතිය හා සම්බන්ධ හෝමෝනයක් වන කෝටිසෝල් කියන හෝමෝන මට්ටම පහත හෙලන්න සමත් වෙනවා.

 

5. ඔබේ සෞඛ්‍ය?
Source - youtube.com
Source – youtube.com

අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ හදවත් සෞඛ්‍ය වගේ කාරණා වලට සුරතල් සත්වයෙක් කියන්නේ හොඳම පිළියමක්. ඔවුන් සමඟ කෙළිදෙලින් කාලය ගත කරන එක ඔබේ ශරීර සෞඛ්‍යට හොඳයි වගේ ම, මානසික සෞඛ්‍යටත් බොහොම හොඳයි.

 

සුරතල් සතෙක් හදාවඩා ගැනීමේ අමාරු අවස්ථා

 

1. කාලය සහ වියදම
Source - small-breed-dogs.com
Source – small-breed-dogs.com

සුරතලා වෙනුවෙන් කැපවෙන්න අනිවා ඔබට කාලය තියෙන්න ඕනෙ. එහෙම නැතිව කූඩුවකට දාල ඌව තනිකරල දවසම තියන එක ඒ සතාට හොඳ නෑ. ඒ වගේම ඔවුන් වෙනුවෙන් ඔබට කොතරම් මුදලක් වියදම් කරන්නට වෙනවාද කියන එක ගැනත් ඔබ නිසි අවබෝධයකින් සිටීම වැදගත් වෙනවා. සුරතලුන්ගේ බේත් හේත්, කෑම බීම වැනි අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ඔබට යම් මුදලක් වැය කරන්නට වේවි, ඒ දේවල් ගැන වෙන වෙනම සැලකිල්ලක් දක්වන්නට වෙනවා. ඔබේ පවුලේ සුරතලාගේ යහ පැවැත්ම උදෙසා මුදල් සහ කාලය කැප කිරීමට ඔබ සූදානම්දැයි මුලින්ම සැකහැර තීරණය කරගැනීම වටිනවා.

 

2. වගකීම
Source - rover.com
Source – rover.com

ඔවුන්ගේ සියලු දේ සම්බන්ධයෙන් තිබෙන වගකීම ඔබ සතුයි. සුරතල් සතුන් කියන්නේ බොහොම පහසුවෙන් ලෙඩ රෝග වලට හසුවෙන්නට හැකි කට්ටිය. විශේෂයෙන් ම චර්ම රෝග වලට, කොන්ද පණ නැති වීමේ රෝග ලක්ෂණයට මේ ආදී විශාල රෝග ගණනාවකට ඔවුන්ව හසුවන්නට පුළුවන්, ඒ නිසා නියමිත කාලයට නියමිත බෙහෙත් වේල ලබාදීම අනිවාර්යයි. අනික, තියෙන ඕන දෙයක් කන්න දෙන එකත් ඔවුන්ගේ සෞඛ්‍යයට හානිකර වෙන්න පුළුවන්. අපි කන කෑම හැම එකක්ම සත්තුන්ට හොඳ නෑ. අපිට ගුණ සමහර කෑම ඒ අයට විසයි. මේ ආහාර ගැන අපේ අනිවා ලිපියත් කියවන්න අමතක කරන්න එපා.

 

3. අන් අයට ඇති තර්ජන
Source - youtube.com
Source – youtube.com

කුමක් හෝ හේතුවක් නිසා අසීමිත ලෙස කලබල වෙලා සිටින වෙලාවකට ඔව්න් බොහොම නපුරු වන්නට ඕනා තරම් අවස්ථා තිබෙනවා. එහෙම අවස්තාවක් අපට තර්ජනයක් නොවුනත් වෙනත් කෙනෙකුට තර්ජනයක් සහ භයානක අත්දැකීමක් බවට පත් වෙන්නේ නිතැතින්.

 

4. නිතර පිරිසිදු කරන්නට වීම
Source -milifamily.com
Source -milifamily.com

සුරතල් සතුන්ට නිරන්තර ලෙඩ රෝග හැදෙන්නට ප්‍රධාන හේතුවක් වෙන්නේ අපිරිසිදු බවයි. නිතර ක්‍රියාශීලි සත්වයින් ඔහොම කෙළිදෙලින් කාලය ගත කරන්නට පුරුදු වෙනකොට ඔවුන්ගේ සිරුරු තුල දුහුවිලි කුණු එකතුවෙන්නේ බොහොම ඉක්මනින්. එහෙම වෙනකොට අපි ඔවුන්ව පිරිසිදු කරන්නට මතක තබා ගත යුතුයි, මොකද විෂබීජ නිසා ලෙඩ වනවාට වඩා, පිරිසිදු කරමින් ආරක්ෂා කර ගැනීම ගැටළු අඩු කරන නිසා.

 

5. සංසර්ග කාලයේදී චන්ඩ ස්වභාවය
Source - dogs.about.com
Source – dogs.about.com

මේක අතිශය ස්වාභාවික සිදුවීමක්. මේ කාලය තුල ඔවුන් වඩා ප්‍රචණ්ඩ බවට පත්වෙනවා. එහෙම වෙනවිට ඔවුන්ට එලෙස හැසිරෙන්නට ඉඩ දීම හෝ බෙහෙත් වලින් ඒ අවශ්‍යතාවයට ඇති උවමනාව අඩු කිරීමෙන් මෙය පාලනය කරගන්නට ඔබට පුළුවන්.

 
Cover Image Source – laketravislifestyle.com, Fotolia.it
 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here