“හෙළ”වුඩ් ද? හොලිවුඩ් ද? වඩා හොඳ? මේ ජවනිකා 5 ගැන කියවලා ඔබ ම තීරණය කරන්න – Lakviru Media Network

0
321


 

1. පෙම් ජවනිකා

 

හොලිවුඩ්
Source – imgur.com
Source – imgur.com

වැඩේ සිරාවටම  කරයි. තොත්තුවකින් ආරම්භ වී, සයන ගත වීම දක්වාම ඉන්ඩීටේල් පෙන්වයි, හංගන්න කිසිම දෙයක් නැත. රියල් ප්‍රේමය පෙන්වන අතර වෙනසකට ඇත්තේ අපි ඇඳක් උඩ ඉන්නවා වෙනුවට මකුණෝ කකා ලංකාවේ ෆිල්ම් හෝල් එකක මේ සියල්ල  බැලීමයි.

 

“හෙළ”වුඩ්
Source – youtube.com
Source – youtube.com

දෙන  කිස් එකද  සුවර් නැත. පෙම්වතා පෙම්වතිය අල්ලන්නට අක්කර ගානක් පුරා වරු දෙක තුනක් සින්දු කියමින් හතර අතේ දුවයි. පෙම්වතියද සිනහා සලමින් ගස් මාරු සෙල්ලම කරයි. අවසානේ යාන්තම් අතකින් අල්ලාගෙන  පිඹුරෙකු  සේ හති අරින පෙම්වතා පෙම්වතිය සිප ගන්නට උත්සහ කරන විටම කොහේදෝ තිබ්බ මල් දෙකක් එකට වද්දා වද්දා සීන් එක අවසාන කරයි.

 

2. සටන් ජවනිකා

 

හොලිවුඩ්
Source – thistie.tumblr.com
Source – thistie.tumblr.com

ෂොට් සියල්ලම සොලිඩ් ය. ඒ ෆිල්ම්ස් වල වීරයා ගහන ෂොට්ස් දෙස බලා අපේ කොල්ලෝ කුරුට්ටෝ මාෂල් ආර්ට් පුරුදු වෙති, කොටින්ම මාර්ෂල් ආර්ට් ක්ලාස් වල සර්ලා තමන්ගේ ගෝලයින්ට බලන්නට කියන්නේ මේ චිත්‍රපට වල නම් ය. බලන්නට ආසය. ඒ චිත්‍රපට වල වීරයා ගසනා ආකාරයට වෙන කාට හෝ ගසා ගුටි කෑවත් පවු නැත.

 

“හෙළ”වුඩ්
Source – youtube.com
Source – youtube.com

වීරයා අතට ගන්නා ෂොට් ගන් එක හෝ පිස්තෝලයේ මැගසින් මාරු කිරිල්ලක් වත්, බුලට් ඉවර වීමක් වත් නැත, කොටින්ම හදිසියේ වත් පිස්තොලේ බුලට් ඉවර වුනොත් අසල ඇති පෙට්ටි කඩයෙන් කඩා ගන්නා ආනමාලු ගෙඩියෙන් ගසා හත් අට දෙනෙකු බිම දමන්නට යන්නේ තත්පර කිහිපයකි.  සමහර වෙලාව වීරයා වෙඩි තියන විට කඩු එකට ගැටෙන හඬ ඇසෙන අතර කඩුවෙන් වෙන එකෙකුට කොටන විට ඇසෙන්නේ වෙඩි හඬකි.

 

3. හීරෝ සහ හිරොයින් එන්ටර් වෙන ජවනිකා

 

හොලිවුඩ්
Source – buzzfeed.com
Source – buzzfeed.com

හුඟක් චිත්‍රපටි වල එහෙමටම ලොකු සීන් එකක් නැත. කොල්ලා කෑම කන, කෙල්ල උදේට වැඩට යන වගේ සාමාන්‍ය දර්ශනයකින් හීරෝ සහ හිරොයින් එන්ටර් වෙති

 

හෙළ වුඩ්
 Source – youtube.com

Source – youtube.com

හීරෝ සහ හිරොයින් එන්ටර් වෙන්නේ කොටස් වශයෙනි. මුලින්ම කකුල් දෙක පෙන්නයි, ඉන්පසු හිමීට ඉහලට ඇදෙන කැමරා රූපරාමුවක් ඔස්සේ පපුව, නිකට මුහුණ කොණ්ඩය වශයෙන් මුලු සරුවාංගයම පෙන්නන්න ගනී. මග දෙපස හදිසි සුළං හටගනී. අවට උන් තුෂ්නිම්භූතව බලා සිටින්න ගනී

 

4. ගීත ජවනිකා

 

හොලිවුඩ්
Source – celebuzz.com
Source – celebuzz.com

හොලිවුඩ් වල ගීත සහිත චිත්‍රපට ඇත්තේ එහෙමත් තැනකය. ඒවා මියුසිකල් මුවිස් ලෙස හඳුන්වයි. High school musical, save the last dance, step up වැනි ඒවා ඒවාට උදාහරණ වේ.

 

“හෙළ” වුඩ්
Source – youtube.com
Source – youtube.com

එහෙම වෙනසක් නැත. හැම එකකම ගීතයක් ඇත, පෙම්වතා මල් කඩන්න ගොසින් කකුලේ බොරළු කැටයක් වැදුනත් ඒ වැදුන දුකට සින්දුවක් කියයි. කොහෙන්වත් එන මියුසික් වලට පෙම්වතා අවුරුදු 8ක් වොයිස් ප්‍රක්ටිස් කළා සේ ගීත ගයයි. ඒ විතරක් නොවේ ය, සටනකින්, පෙම්වතා ජය ගැනීම, පෙම්වතිය කර නොකර බිත්තරයක් බැදීම පවා සිංහල සිනමාවේ ගීතයක් ගයන්නට නිමිති ලෙස ගනියි.

 

5. ගායන ජවනිකා

 

හොලිවුඩ්
Source – tumblr.com
Source – tumblr.com

චිත්‍රපටයෙන් චිත්‍රපටයට ගීත හෝ පසුබිම් සංගීතයක් හෝ ඇතිනම් වෙනස් කම් සහිතව අලුත්ම ආරෙන් චිත්‍රපට වලට එකතු කරයි.

 

“හෙළ” වුඩ්
Source – youtube.com
Source – youtube.com

මොකවත් කියන්නට අවශ්‍ය නැත, චිත්‍රපට කිහිපයක් හැරුන විට ජෝතිපාල, මිල්ටන්, වික්ටර්, ක්ලැරන්ස් ආදී ගායකයින් වසර 30කටත් කලින් ගැයූ ගී තවමත් පට්ට ගසයි.

 

6. ජවනිකා වල දෙබස්

 

හොලිවුඩ්
gifhunterress.tumblr.com
gifhunterress.tumblr.com

එතරම් නැත. සමහර චිත්‍රපට වල දෙබස් ඇත්තෙම නැත, ඇත්තේ දර්ශන සහ රඟපෑම් පමණි. කියන දෙබස උනත් සීන් එකට හොඳටම අදාලය

 

“හෙළ”වුඩ්
Source – youtube.com
Source – youtube.com

එහෙම නැත. දෙබසින් භාගයක් කියාගෙන යත්දී ඉතුරු භාගය අපට සිතා ගත හැකිය. ඒවා එතරම්ම සිම්පල් ය. දුෂ්ටයාටත් වඩා ජෝකර්ලාව එපාවෙන තරමට උන්ගේ කචබචය වැඩිය.
Source – wallpapercave.com, rangahala.lk

 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here