ෆෝන් බිලක් අතේ තියාගෙන රෝලින් පින් එකක් අනික් අතෙන් උරුක් කරගත්තු බවලත් නෝනා කෙනෙක් මම නිදාගෙන ඉන්නකොට පොඩි තරවටුවක් හීනෙන් දැම්මා කියන්නකෝ යාලොස්. මම නැගිට්ටේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන. පස්සේ කල්පනා කළා, පොරවල් වගේ මේ සයිට් වලට ෆෝන් කෝල් කතා කරන්නේ කොහොමද කියලා ලිව්වට මොකෝ බිල් ආවම ලියන්නේ සහ ගෙවන්නෙ ඒ උන්දැලා නේද දෙයියනේ කියලා.
පස්සේ දිවා රෑ වෙහෙසිලා වෙහෙසිලා හිත හදාගෙන කරුණු එකතු කරලා, යාන්තමට අපේ පොකට් එකට සහනයක් වෙන විදියට ගෙදර ෆෝන් බිල ශේප් කරන්න පුංචි පුංචි ට්‍රික්ස් ටිකක් ඔයාලට කියලා දෙන්න හිතුවේ.
එහෙම කරලා හරි පොඩ්ඩක් නිදහසේ නිදාගන්න පුළුවන් උනොත් නෙහ්??
1. කෝල් කරන්න පෙර හිතා බලමු යාලොස්

කෝල් වලට යන වියදම අඩු කරන්න තියෙන ලේසිම වැඩේ තමා, තමන්ට මේ කෝල් එක ගන්න අවශ්‍යම ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන එක. මොකද සමහර අපේ යාළුවො ඉන්නවා, එයාලා කෝල් එක ගත්තම විනාඩි උපරිම 2යි කතා කරන්නේ. ඒත් අපි ගත්තොත් එයාලා ෆෝන් එක තියන්නේ අඩුම තරමේ විනාඩි 20ක් වත් කතා කරලා තමා ඔන්න.
2. හරි වෙලාව ගැන හිතන්න යාලොස්

මහ දවාලේ Peak hours වල සල්ලි මැෂිම ඔන් කරගෙන මල් කඩනවාට වඩා, පොඩ්ඩක් රෑ බෝවෙලා කතා කරන කොට නිවී සැනසිල්ලේ Off-peak එකේ සාක්කුවට පවන් සලමින් කතා කරන්නට පුළුවන් බවත් අමතක කරන්න එපා යාලොස්. තමන්ගෙ දුරකථන සමාගමේ තියෙන කෝලින් පැකේජස් ගැන දැනුවත් වෙලා තමන්ට වඩාත් හිතකර කෝලින් ප්ලෑන් එකකට යන එකත් කරන්න පුලුවන්.
3. කෝල් එකට ගැලපෙන සිම් එක තෝරගමු යාලොස්

ඇත්තටම ලංකාවේ වැඩියෙන්ම ජංගම දුරකථන පාරිභෝගිකයෝ ඉන්නේ ඩයලොග් සහ මොබිටෙල් ආයතන දෙක වටේනේ. ඒක බොරුවක් නෙවෙයිනේ. එහෙත් ඉතින් ඩයලොග් එකකින් මොබිටෙල් එකට හරි මොබිටෙල් එකෙන් ඩයලොග් එකට හරි කෝල් කරනවා කියන්නේ ඉතින් ඊට වඩා ඔයාට ලාභයි බස් එකේ එයා ගාවට ගිහින් කතා කරනවා.
මේ වැඩේට තව එක විසඳුමක් තියෙනවා. ඒ තමයි ඩයලොග් නොම්මර වලට කෝල් ගන්න ඩයලොග් සිම් එකකුත් මොබිටෙල් කෝල්ස් ගන්න මොබිටෙල් සිම් එකකුත් තියාගන්න එක. මෙහෙම කළාම, ලෙහෙසියෙන්ම ඔයාට වියදම් වෙන සල්ලි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඇයි නෙට්වර්ක් එක ඇතුලේ කෝල් වලට සල්ලි කැපෙන්නේ අඩුවෙන්නේ.
අනික ඩුවල් සිම් ෆෝන්ස් අද කාලේ හැමෝම අතේ තියෙන නිසා මේ වැඩේ තවත් ලේසි වෙනවා.
4. වයිබර්, වට්ස්ඇප්, ස්කයිප් ප්ලීස් යාලොස්

ඔයාලට වියදමක් නැතුවම කෝල් ගන්නවා නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි වයිබර්, වට්ස්ඇප්, ස්කයිප් වගේ සේවාවක් පාවිච්චි කරලා කෝල් එකක් ගන්න එක. බොහොම පැහැදිලි ශ්‍රවණ තත්වේකුත් එක්ක ලෙහෙසියෙන්ම ඔයාගේ අවශ්‍යතාවත් ලොකු වියදමක් නැතුවම ඉටු කරගන්න පුළුවන්. හැබැයි කෝල් එකක් ගන්න කලින් ඔයාගේ ඉන්ටර්නෙට් පැකේජ් එක ෆෝන් එකේ ඇක්ටිව් කරගෙනෙද කියලා බලන්නත් අමතක කරන්නෙපා යාලොස්.
5. Background data off please යාලොස්

ෆෝන් එකේ බිලට ලොකු මුදලක් එකතුවෙන්න, එහෙමත් නැතිනම් ෆෝන් එකේ තියෙන සල්ලි ඉක්මනටම කැපෙන්න පුළුවන් එක විදියක් තමා ඔයාගේ ඉනටර්නෙට් ඩේටා ප්ලෑන් එකේ පරිමාණය ගැන තැකීමක් නොකර ඔයා ඩේටා ඕෆ් කරගන්නේ නැතුව ඉන්න එක.
මේ නිසා ඊළඟ පාර ෆෝන් එකේ ඩේටා ඔයා පාවිච්චි නොකරන වෙලාවට ඕෆ් කරගෙන ඉන්න පුලුවන්නම් හොඳයි.
6. අප්ඩේට්ස් ඕෆ් යාලොස්

ෆෝන් එකට එන අප්ඩේට්ස් සහ ඇප් වලට එන අප්ඩේට්ස් වයිෆයි ඒරියා එකක හැර මොබයිල් ඩේටා වලින් අප්ඩේට් කරන්න යන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද්ද හේතුව කියලා ආපහු කියන්න ඕනේ නැහැනේ. මේ අප්ඩේට්ස් වයිෆයි කළාපයක් ඇතුලෙදිම කරගන්න එක තමයි හොඳ. ඒ වගේම මොබයිල් ඩේටා මගින් ෆෝන් එකේ ඇප්ස් ඔටෝ අප්ඩේට් වෙන එක වළක්වන්න සෙටින්ග්ස් හදාගන්න ඔයාලට පුලුවන්.
7. තොරන් කෑලි ඕෆ් කරමු යාලොස්

ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනකොට සමහර සයිට්ස් වල නිවී නිවී පත්තු වෙන බලුප් දාලා වගේ පෙනෙන ඇඩ් එහෙම පේන්න තියෙනවා ඔයාල දැකල ඇති. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔය ad blocker එකකින් හරි popup filter එකකින් හරි නවත්ත ගත්තා නම් ඔයාගේ ඉන්ටර්නෙට් බිලටත් හරි සනීපයක් දැනෙයි.
8. නිතර අහන සින්දු සේව් කරගන්න යාලොස්

ඔයාගේ හිතට දැනෙන සින්දුවක් එහෙම තියෙනවා නම් එක අහන්නම ඔයා ඉන්ටර්නෙට් යනවා නම් කරන්න තියෙන්නේ ලේසියෙන්ම ඔයා නිතර අහන සින්දු ටික ෆෝන් එකට සේව් කර ගන්න එක. එහෙම වුනාම ඔයාගේ සින්දුවත් තියෙනවා ඩේටා ටිකත් බේරෙනවා. සල්ලි යන්නෙත් නැහැ.
9. බ්‍රවුසරේ ඕනෑවට වඩා ටැබ්ස් එපා යාලොස්

ෆෝන්/ ටැබ්/ පීසී එකේ වුනත් තමන්ගේ බ්‍රවුසරේ ඕනෙවට වඩා ටැබ් ඕපන් කරගන්නවා කියන්නේ අනවශ්‍ය ඩේටා කෑමක් තමා. සමහර විට වැඩකට කියලා ටැබ් සීයක් විතර ඕපන් කරගත්තත් අමතකවීමකින් හරි, හදිස්සියක් නිසා හරි මේවා ක්ලෝස් කරල දාන්න වෙනවා. දැන් ඔය යූටියුබ් වීඩියෝ එහෙම බලද්දි මේ වැඩෙන් හරියට ඩේටා නාස්තියක් වෙන්න පුලුවන්. මේ නිසා ඊළඟ පාර තමන්ට අවශ්‍ය ටැබ් කිහිපය විතරක් ඕපන් කරලා තියාගන්න මතක තියාගන්නලා යාලොස්!!
10. සෝෂල් මිඩියා වල ඔටෝ ප්ලේ වානා යාලොස්

අපි ඉන්ටර්නෙට් යනවා කියලා වැඩිපුරම කරන්නේ සෝෂල් මිඩියාවල කරක් ගහන එකනේ. නැතුව උදේට ස්ටොක් මාකට් යනවා කියලැයි. ඉතින් මෙහෙම සෝෂල් මිඩියා වල ඉන්නකොට අපේ ටයිම් ලයින් එකේ තියෙන වීඩියෝ අපිට පේන්න ඔටෝ ප්ලේ වෙනවා. ඉතින් එහෙම ප්ලේ වෙනකොට ඩේටා යන්නෙත් අපෙම්ම තමා පින්වතුනි.
ඒ නිසා ඔයාලා ඒ ඒ සෝෂල් මිඩියා සයිට් වලට හෝ ඒ ඒ ඇප්ස් වලට ගිහිල්ලා ඔය වීඩියෝ ඕඩියෝ එහෙම ඔටෝ ප්ලේ කියලා වැටිලා තියෙනවා නම් ඒවා ඕෆ් කරගන්න එක හොඳා.
මීට අමතරව ඔයාලගේ හිතේ තව පොඩි පොඩි අයිඩියා කෑලි එහෙම තියෙනවා නම් අපිට ඒවා කියලා කොමෙන්ට් එකක් එහෙම දැම්මොත් අපේ අනික් යාලුවන්ටත් මොනා හරි ඉගෙන ගන්න චාන්ස් එකක් තියේවි යාලොස් !!!
Cover Image Source – thejournal.ie
Lakviru Media Network